24 උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක: 25 ”ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය. 26 තිරිඟු පැල නැඟී, කරල් හටගත් කල කිරිඳිත් මතු විය. 27 එවිට ගෘහ මූලිකයාගේ දාසයෝ අවුත්, ‘ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේ ද? එසේ නම් කිරිඳි කොහෙන් දැ’යි ඔහුගෙන් ඇසූ හ. 28 ‘මෙය සතුරෙකුගේ වැඩක් ය’යි ඔහු කී ය. එවිට දාසයෝ කතා කොට, ‘එසේ නම්, අප ගොස් ඒවා උදුරාදමන්න දැ’යි ඔහුගෙන් ඇසූ හ. 29 එහෙත්, ඔහු උත්තර දෙමින්, ‘එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන. 30 ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”